නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව 79 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව චීනයට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇති රට වන්නේ ඉතාලියයි.
මේ අතර වෛරසය පැතිරයාම හේතුවෙන් සිරකරුවන් 54,000කට නිදහස ලබාදීමට ඉරානය පියවර ගෙන තිබේ.
ලොව පුරා රටවල් 75කින් පමණ මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදිතයන් හමුවී තිබේ.
වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අනූ දෙදහසකට අධිකයි.
වෛරසයෙන් මේවනවිට පුද්ගලයන් තුන්දහස් එකසීයකට වැඩි පිරිසක් මියගොස් ඇති අතර වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් මරණ 2946ක් වාර්තාවන්නේ චීනයෙන්.
ලොව පුරා ආසාදිතයන් හතළිස් අටදහසක් සුවය ලබා ඇති බවද විදෙස් වාර්තාවල දැක් වේ.
චීනයෙන් පසුව වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇති රට වන්නේ දකුණු කොරියාවයි.
එරටින් අද වන විට ආසාදිතයන් 5100ක් හමුවී ඇති අතර මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ.
යුරෝපා කලාපයේ නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ලවි ඇති රට වන්නේ ඉතාලියයි.
එරට සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 79 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ චීනයෙන් පසුව වැඩිම මරණ සංඛ්‍යාවත් වාර්තාවූ රට බවට පත්වෙමින්.
ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් මරණ 27ක් වාර්තාවී ඇති බව සඳහන්.
එරටින් හමුවී ඇති මුළු ආසාදිතයන් ගණන දෙදහස් පන්සීය ඉක්මවයි.
මේ අතර චීනය හා දකුණු කොරියාව ආසන්නයේ පිහිටි ජපානයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.
නව කෙරෝනා වෛරසයෙන් ඉරානයේ පුද්ගල මරණ 77ක් සිදුව ඇති අතර හමුවී ඇති ආසාදිතයන් ගණන දෙදහස් තුන්සීයකට අධිකයි.
මේ අතර චිලී රාජ්‍යය හා යුක්රේනය පළමු වරට කොරෝනා ආසාදිතයන් හමුවූ බව අද තහවුරු කළේය.
වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර පාසැල් තාවකාලිකව වසා දැමීමට බොහෝ රටවල්වල අවධානය යොමුවී තිබේ.
එමෙන්ම වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිරකරුවන් පනස් හතර දහසක් පමණ තාවකාලිකව නිදහස් කිරීමට ඉරානය පියවර ගෙන තිබුණි.
මේ අතර කොවිඩ් අවධානම හේතුවෙන් බොහෝ ක්‍රීඩකයන් අතට අතදී ආචාර කිරීමෙන් වැළකී සිටින අතර ලොව පුරා පැවැත්වීමට නියමිතව තිබූ විවිධ උත්සව හා ඉසව් රැසක්ද අවලංගු කර තිබේ.




