එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන අක්‍රමිකතාවයකට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ඇප මත නිදහස් කර ඇත.
ඒ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන අක්‍රමිකතාවයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳවන නියෝමාලි විජේනායක යන දෙදෙනා අත්අඩංගුවට ගෙන පසුගිය මස 19 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.



