ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් නායකත්ව පුහුණුවක්

Share

‘න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය’ යන තේමාව යටතේ ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ නව ආයුර්වේද වෛද්‍යවරුන් 640 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව සංවර්ධනය පිළිබඳ’ සයදින නේවාසික පුහුණු වැඩසටහනක් යුද්ධ හමුදා පුහුණු පාසල් පහක, ඊයේ(08) දින උදෑසන සිට ආරම්භ විය.

ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේහිලා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව විසින් ලබාදෙනු ලබන තවත් එක් දායකත්වයක් ලෙස දියතලාව, කලත්තෑව, මින්නේරිය, ඇඹිලිපිටිය සහ බූවැලිකඩ යන යුද්ධ හමුදා පුහුණු පාසල් වලදි මෙම පුහුණු වැඩසටහන් ආරම්භ කරන ලදි.

දින හයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී නායකත්ව කුසලතා හා ගුණාංග ප්‍රවර්ධනය, වෘත්තීය කුසලතා වර්ධනය, ජිවිතයේ අභියෝග ජය ගන්නා ආකාරය, නිවැරදි සමාජ අපේක්ෂාවන්, වෘත්තීය මාර්ගෝපදේශනය සහ මානසික සමතුලිතතාවය යන මූලික කරුණු පිළිබඳ අවධානයක් යොමු කරනු ඇත.

Read more

Local News