කාබුල් අගනුවර උත්සවයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 27ක් මරුට

Share

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවැති උත්සවයක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

ප්‍රහාරයෙන් 27කට ආසන්න පිරිසක් මියගොස් තවත් පනස් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රකටව පවතින ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරය සදහා අවිගත් ත්‍රස්තයන් පිරිසක් එක්ව සිටි බවෙ විදෙස් වාර්තා පවසයි.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට ප්‍රධාන දේශපාලන නායකයෙකු වූ අබ්දුල්ලා අබ්දුල්ලා නමැත්තෙක්ද සහභාගිවී සිටි  උත්සව අවස්ථාවකටයි.

පහරදීම පිපිරීමක් සමගින් ආරම්භවූ බවත්, එය රොකට් වෙඩි ප්‍රහාරයක් විය හැකි බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.

කෙසේ නමුත් කිසිදු අනතුරකින් තොරව ජීවිතය ගලවාගැනීමට දේශපාලන ප්‍රධානියා සමත්වුණි.

හිටපු ස්වදේශීය නායකයෙකුගේ අනුස්මරණ උත්සවයක් ඉලක්ක කරගත්, මෙම ප්‍රහාරයේ වගකීම බාරගැනීම තලෙයිබාන් සංවිධානය ප්‍රතික්ෂේප කර තිබුණි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් අන්කිසිවෙකු බාරගෙන නොමැත.

Read more

Local News