ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාව බදාදා

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බදාදා පැවැත්වීමට නියමිතයි.

 

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.

මධ්‍යම කාරක සභා රැස්වීම හිටපු ජනාධිපති නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 07.00 ට පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී දේශපාලන ව්‍යාපාරය සිදුකරන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර එදින පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු කොළඹට කැදවා තිබේ.

ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read more

Local News