අද මැදින් පුර පසලොස්වක පොහොයයි

Share

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (09) යෙදී තිබේ.

 

බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ඥාතීන් බැහැ දැකීමට කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ අද වන් දවසක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

මීට අමතරව, ශාක්‍යන්ගේ මානය බිඳ දැමීම, සුද්ධෝදන පියරජු තෙවන වරට සිය පුතුට වන්දනා කිරීම, සුද්ධෝදන රජු මාර්ගඵල ලබා ගැනීම, යශෝධරා දෙවීයගේ ගුණ වර්ණනා කිරීම, රාහුල කුමරු පැවැදි කිරීම වැනි බෞද්ධ ඉතිහාසයේ වැදගත් අවස්ථා කිහිපයක්ම සිද්ධ වූ උතුම් පොහෝ දිනයක් ලෙස මැදින් පුර පසලොස්වක පොහොය දිනය සලකනු ලබයි.

බුද්ධ චරිතයේ මෙම වැදගත් සිදුවීම් සිහිපත් කරමින් අද දිනයේ බෞද්ධ ජනයා දාන, ශීල හා භාවනා ආදී පිංකම්වල කටයුතුවල නියැළෙති.

Read more

Local News