වත්තල-කටුනායක-ගම්පහ අවට ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Share

පෑලියගොඩ, වත්තල හා මහර ඇතුළු ප්‍රදේශ රැසකට අද (10)  පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හාජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්‍රදේශ, කැළණිය, වත්තල බියගම, මහර, දොම්පේ, ජා – ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයසහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවේය.

අද පෙරවරු 08.00 සිට පසුදින පෙරවරු 08.00 දක්වා පැය 24 ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හාජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

Read more

Local News