ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි 181ක් මඩකලපුවට

Share

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද (10) අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.

 

මේ අතර විදෙස් රටවල් තුනක සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතයි.

මීට අමතරව කන්දකාඩුහි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් යොමුකිරීමට තීරණය කර තිබේ.

Read more

Local News