වරෙන්තු ලබා සිටින හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (09) රාත්‍රීයේදී සිය මෙහෙයුම් කටයුතු සිදුකර තිබේ.
එම දෙපර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ කණ්ඩායම් කිහිපයක් වරෙන්තු ලබා සිටින පුද්ගලයින්ගේ නිවාස වෙත ගොස් පරික්ෂා කිරීම් සිදුකළ බවයි.
කෙසේ වෙතත් ඔවුන් නිවෙස් තුළ රැදි නොසිටි බව එම ප්‍රකාශකයා සදහන් කළේය.
2016 වසරේ සිදුවූ මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා නිකුත් කළ නියෝගයකට රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුණඇලෝෂියස් සහ කසුන් පලිසේන ඇතුළු පිරිසකට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.
ඒ අනුව පරීක්ෂණ කණ්ඩායම් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන අතර පර්පචුවල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුත්තු රාජාසුරේන්ද්‍රන් යන අය පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඒ අනුව ඔහු ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



