ජ’පුර සිසුවාට අසාධ්‍යයි

Share

පහරදීමකට ලක් වූ බව කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවා තවදුරටත් අසාද්‍ය තත්ත්වයේ පසුවන බව ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළා ය.

 

ඇය පැවසුවේ, එම සිසුවා මේ වන විටත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

පහරදීමට ලක්වු බව කියන අදාළ සිසුවා හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඊයේ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එහිදී ඔහුට ශල්‍යකර්මයක් ද සිදු කළ බවයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට දඬුවම් දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ය.

Read more

Local News