පළමු පාසල් වාරය අදින් අවසන් වෙයි

Share

රජයේ සහ පුද්ගලික පාසල් ඇතුළු සියලු පාසල් අද(13) සිට වසා තැබෙයි.

 

කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සඳහා අප්‍රේල් මස ලබා දෙන පාසල් නිවාඩු අද(13) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

ඒ අනුව අද දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පාසල් නිවාඩුව ක්‍රියාත්මක වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, අප්‍රේල් මස 6 වන දින නිවාඩුව ආරම්භ වීමට තිබු බවයි.

ක්‍රීඩා උත්සව හා පාසල් ක්‍රීඩා තරග පැවැත් වීම සම්බන්ධයෙන් අදාල පාසල්වල විදුහල්පතිවරු විසින් තීරණ ගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Read more

Local News