රවී කරුණානායක සහ අර්ජුන් ඇලොසියස් ඇතුළු සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ අභියාචනා අධිකරණයේ වැඩිදුර කරුණු සළකා බැලීම අද(13) සිදු කිරීමට නියමිතයි.
තමන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් තළ වරෙන්තුව බලරහිත කිරිමේ රීට් අඥාවක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේය.
අභියාචනාධිකරණ සභාපති ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග වෙයි.
කොටුව මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව නිකුත් කිරීම ස්භාවික යුක්ති මුලධර්මයන්ට පටහැනි බව පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් ඊයේ පෙන්වාදී තිබුණි.



