මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 05 දෙනෙකු හදුනාගෙන තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ ඊයේ (13) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු හදුනාගෙන ඇති බවයි.
මෑතකදී ජර්මනියේ සංචාරය කර පැමිණී 41 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති අතර ඔහු මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මීට අමතරව ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඔවුන්ගෙන් 37හැවිරිදි පුද්ගලයා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 43 හැවිරිදි අනෙක් රෝගියා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස 52 හැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙක් හදුනාගැණුනු අතර පසුව ඔහු සමඟ සිටි තවත් අයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.
ඔවුන් දෙදෙනා ද මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.
මේ වන විට දිවයින පුරා රෝහල් 15ක කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 64දෙනෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
මේ අතර කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 127කට ව්‍යාප්ත වී තිබේ.
පුද්ගලයින් එක්ලක්ෂ 38,240 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයින් 5081 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
යුරෝපය කොරෝනා වෛරස වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ සදහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩෝස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පෙන්වා දෙන්නේ මෙම වසංගතයෙන් ජිවිත බේරා ගැනිම සදහා යුරෝපානු රටවල් කඩිනම් පියවර ගත යුතු බවයි.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රට තුළ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
විශේෂ මාධ්‍යහමුවක් පවත්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වෛරසයට එරෙහිව සටන් කිරිම සදහා ඩොලර් බිලියන 50ක මුදලක් මුදා හැරිමට තීරණය කර ඇති බවයි.
ස්පාඤ්ඤය ද කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.



