මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද

Share

ජාතික මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.

 

ඒ, රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේදී ය.

මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මහ මැතිවරණය ආශ්‍රිත කටයුතුවලදී මැතිවරණ නිලධාරීන්ට කොරෝනා වෛරසයෙන් වන බලපෑම පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මීට අමතරව කොරෝනා ව්‍යාප්තියත් සමග මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News