කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් රෝගීන් 6 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ වසංගත විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, එම රෝගීන් අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයේ (IDH) සහ දිවයිනේ තවත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි.



