වවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුද හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යුද හමුදා නිළධාරීන් කටයුතු කොට තිබිණ.
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් නිරෝධායන කටයුතු වෙනුවෙන් වවුනියාව පම්පමඩුව කාන්තා අනුඛණ්ඩ කඳවුර තුළ ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව ඊයේ (16) දිනයේ වවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුධ හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව වාර්තා වේ.
නව නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය වෙනුවෙන් පුද්ගලයින් 134 දෙනෙකු රැගෙනවිත් ඇති අතර,යුරෝපයේ හා මැදපෙරදිග රටවල සිට පැමිණි පිරිසක් නව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇති බවද ආරක්ෂක අංශ පවසති.
යුධ හමුදා ආරක්ෂාව යටතේ අදාළ පිරිස නව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය.
මීට පෙර විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 213 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් වවුනියාව පම්පමඩුව යුධ හමුදා කදවුරක් වෙත 13 වැනිදා සවස රැගෙන ආ බව අප වාර්තාකරු සඳහන් කළේය.
වවුනියාව පම්පමඩුව කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට විරුද්ධව පසුගියදා වවුනියාව ප්‍රදේශවාසීන් විරෝධතාවයකද නිරත විය.



