වෛරසයෙන් අමෙරිකාවේ 85දෙනෙක් මිය යයි

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ ජනතාව ඒකරාශී වීමේ කටයුතුවලින් වැලකී සිටිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දී තිබේ.

 

ඉදිරි දින 15ක කාලය තුළ අවන්හල් ඇතුළු පොදු ස්ථානවල  පුද්ගලයින් 10කට අධික පිරිසක් ඒකරාශී වීමෙන් වැලකී සිටිය යුතු බව ඔහු ප්‍රකාශ කර ඇත.

එමෙන්ම සියලු වැඩිහිටි පුද්ගලයින් නිවෙස්වල රැදී සිටියයුතු අතර රැකියා සහ පාසල් කටයුතු නිවෙස්වල සිට සිදුකළ යුතු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට අමෙරිකාව තුළ එම වෛරස් ආසාදිතයින් 4600ක් වාර්තා වී ඇති අතර ආසාදිත පුද්ගලයින් 85 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

Read more

Local News