ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පිරිසක් සිටින්ගේ පුත්තම් දිස්ත්‍රික්කයේ බැවින් ඔවුන් සෑම විටම සෞඛ්‍ය අංශය දැනුම් දෙන සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරොනා වෛරසය අසාධනය වී ඇති නම් වහාම ඒ සම්බන්ධයෙන් අදාල අංශ දැනුම් දිය යුතු බවත් එම වෛරසය වෙනත් කෙනෙකුට බෝ වීමට ඉඩ නොතබන ලෙසත් වෛද්‍යවරයා ඉල්ලීමක් කළේය.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අමතමින් වෛද්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම ඔහු පැවසුවේ මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වු රෝගීන් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
අද දවස තුල නව රෝගීන් 6ක් වාර්තා වු බවත් වෛද්‍යවරයා පැවසීය.
එම රෝගීන් මාරවිල, කැලණිය, උඩුගම්පල, වැනි ප්‍රදේශ වල පුද්ගලයින් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



