කොරෝනා වෛරසය වැළැක්වීමට අමෙරිකාවෙන් මෙරටට පරිත්‍යාගයක්

Share

කොරෝනා වෛරස වැළැක්වීමේ ඇඳුම් කට්ටල තොගයක් අතුළු තවත් භාණ්ඩ කිහිපයක් ඇමරිකානු එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

 

ඒ ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී.ටී. ප්ලිට්ස් මහත්මිය විසින්ය.

ඇමරිකානු එක්සත් ජනපද විසින් පරිත්‍යාග කරන ලද භාණ්ඩ අතර ඩියුපොන්ට් ටයිවෙක් ඕවරෝල් ඇඳුම්, නයිට්‍රයිල් ඇත්වැසුම්, බර වැඩෙහි දී යොදාගත හැකි අත්වැසුම්, බුට් ආවරණ සහ පිරිසදුකාරක තොගයක් ඇති බව වාර්තා වෙයි.

මෙම භාණ්ඩ තොගය අද(17)  ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති(විශ්‍රාමික) මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා වෙත බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී භාර දී තිබේ.

අදාළ භාණ්ඩ තොගය ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට සහ ඔවුන් විසින් COVID-19 වෛරසය පැතීරීම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමර්ගවලට සහය දෙනු ඇත.

Read more

Local News