සියලු ජාතික අධ්‍යාපන පීඨ-ගුරු මධ්‍යස්ථාන හා විද්‍යාල අප්‍රේල් 20වැනිදා ආරම්භයි

Share

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබා දී ඇති නිවාඩුව අප්‍රේල් 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

 

ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු අප්‍රේල් 20වැනිදා දින සිට ආරම්භ කරනු ලබන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

රටෙහි පවත්නා කෝවිඩ්-19 රෝග තත්ත්වය හමුවේ සිසුන් සහ අනෙකුත් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

Read more

Local News