වන්දනාකරුවන් ගෙන්වීමට විශේෂ ගුවන් යානයක් ඉන්දියාවට

Share

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම අද(18) සවස ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ඉන්දියාවේ සිටින මෙරට වන්දනාකරුවන් ගෙන්වා ගැනීමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වන්දනා නඩ විසිදෙකකට අයත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ සිටින අතර ඔවුන් ඉන්දියාවට පැමිණ ඇත්තේ රජය විසින් දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙරයි.

කෙසේ මෙම පිරිස ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ නව දිල්ලිය බලා මෙම විශේෂ ගුවන් යානය පිටත් කර යැවීමට සුදානම්.

Read more

Local News