පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය පැය 6කට ඉවත් කරයි

Share

පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් අධිකාරි බල ප්‍රදේශ සඳහා පනවා ඇති ඇදිරි නීතිය අද (19) පෙරවරු 08.00ට තාවකාලිකව ඉවත් කිරිමට තීරණය කර තිබේ.

 

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාල ප්‍රදේශය සදහා පස්වරු 02.00ට නැවත පොලිස් ඇදිරි නීතිය පැනවීමක් සිදු කරන බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ඊයේ (18) පස්වරු 04.30 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවේය.

පුත්තලම පොලිස් අධිකාරි බල ප්‍රදේශය, හලාවත පොලිස් අධිකාරි බල ප්‍රදේශය සහ මීගමුව පොලිස් අධිකාරිබල ප්‍රදේශයේ කොච්චිකඩේ බල ප්‍රදේශය සදහා මෙම පොලිස් ඇදිරි  නීතිය පනවා තිබේ.

අදාල ප්‍රදේශවල පොලිස් ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා

Read more

Local News