රට තුළ පවතින තත්ත්වය හමුවේ රුධිරය ලබාගැනිම ගැටළුවක් වී ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අද (19) දිනයේ සිට රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයින් සඳහා විශේෂ දුරකතන අංකයක් හදුන්වාදීමට පියවර ගෙන ඇති බවයි.
අදාල දුරකතන අංකයට දැනුම්දී වේලාවක් වෙන්කරවා ගෙන ළඟම ඇති රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට ගොස් රුධිරය ලබාදීමට හැකි බව වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය.
රුධිරය ලබාදීමට ඉදිරිපත් විය යුතු පුද්ගලයින් පිලිබඳව ද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැහැදිලි කළේය.



