මේ වන විට තවත් කොරෝනා වෛරය අසාදය වු ශ්‍රී ලාංකික රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇත.
කොරෝනා වෛරසය මෙරට තුල ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා මෙරට සියලු මහජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (19) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.
ප්‍රධාන වශයෙන් අත්‍යාවශයම කටයුතු සඳහා පමණක් නිවසෙන් පිටතට යාමට වගබලා ගත යුතු බවත් කිසිදු විටකදි අනෙකුත් දේ සපයා ගැනිමට නිවසින් පිටතට නොයන ලෙසද අමාත්‍යවරයා අවධාරණය කරයි.
නිමි ඇඳුම් මිල ගැනීම හො වෙනත් අනවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා කිසිදු අවස්ථාවකදි වෙළඳසැල් වලට නොයන ලෙසත් වෙළඳ සැල් හිමියන්ද මෙම අවස්තාවේදි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.



