2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ අරමුණින් එවැනි හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට තම අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීම මඟින් අවස්ථාව ලබාදුන් අතර එම අභියාචනා පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කොට ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (09) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම පත්කිරීම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත.