ඉන්දියාවේ සික් භක්තිකයින්ගේ වන්දනීය සිද්ධස්ථානය වන රන් දෙවොල වෙත ඇතුලුවීමේදී සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කිරීමට පියවර ගෙන තිබේ.
ඉන්දියාවේ සිකීම් හි පිහිටි රන්දෙවොල සැලකෙන්නේ ඉන්දීය සික් ජාතිකයන්ගේ වන්දනීයම සිද්ධස්ථානය ලෙසයි.
එය ඔවුන් සදහා කෙතරම් වැදගත්ද යනු 1984 වසරේදී එය උදෙසා ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් හත්දහසක පමණ පිරිසක් මියගිය බවට සදහන්.
නිරන්තරයෙන් බැතිමතුන් වෙනුවෙන් විවෘතව පවතින දෙවොලටද නව කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් බලපෑම් එල්ල වී තිබේ.
පවතින අවදානම්සහගත තත්ත්වය සලකා රන් දෙවොල වෙත පැමිණෙ බැතිමතුන් තාප පරික්ෂාවකට ලක්කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
එමෙන්ම දෑත් සෝදා පවිත්‍ර කරගැනීමටත් ඔවුන් වෙත උපදෙස් ලබාදී ඇති බවට සදහන්.
නව කොරෝනා ව්‍යාප්තියත් සමගින් ඉන්දියාවෙන් ආසාදිතයින් 150කට වැඩි පිරිසක් වාර්තා විය.
කෙසේ නමුත් ලෝකය සලකන්නේ වෛරස ව්‍යාප්තිය තරමක් දුරට හෝ සාර්ථකව මර්දනය කළ රටක් ලෙසයි.
එහෙත් විදෙස් විචාරකයින් පෙන්වාදේනනේ, යම් හෙයකින් ව්‍යාප්තිය ශීග්‍ර වුවහොත් රෝගීන් ගණන පාලනයෙන් තොරව ඉහළ යා හැකි බවයි.




