සිය රට වෙත පනවා ඇති සංචාරක සීමා පුළුල් කිරිමට එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි නේවාසික වීසා හිමි පුද්ගලයින් හට ද එරටට ඇතුළුවිම තහනම් කර ඇති බව වාර්තා වේ.
සියලුම සංචාරක වීසා අත්හිටුවිමට එක්සත් අරාබි ඒමීර් බලධාරින් පසුගියදා පියවර ගනු ලැබු අතර සිය වැසියන්ට විදෙස් සංචාර සදහා තාවකාලික තහනමක් පැනවීමට ද ඔවුන් කටයුතු කළේය.
මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව කොරෝනා ආසාදිතයින් 114 දෙනෙකු හදුනාගෙන තිබේ.




