කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පිළිබඳ මේ වෙද්දි ලොවපුරා විද්‍යාඥයින් ලහි ලහියේ පරික්ෂණ සිදු කරමින් සිටියි.
මේ වෛරසය පැතිරෙන්නේ නාසය සහ මුඛයෙන්.
ඒ වගේම මෙහි වාහකයෝ වන්නෙත් මිනිසුන්මයි.
එනිසා මෙය පැතිරීම වළක්වාගැනීමට දෙදෙනකු අතර අවම පරතරය මීටරයක් හෝ පවත්වා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.
නව කෝරෝනා වෛරසය ශරීරගත වන්නේ නාසයෙන් සහ මුඛයෙන් වන අතර එය ශ්වසන පද්ධතිය හරහා පෙනහළුවලට පැතිර යයි.
මේ අතර අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විශ්විද්‍යාලයක සිදු කරපු නවම පරික්ෂණවලදි , කැස්සෙන් හා කිවිසුම් යාමේදි පිටවන කෙළ බිඳිති අංශූන් ලෙස වාතයේ පැය 3 ක කාලයක් පවතිනවා කියලා තහවුරු කරගෙන තියෙනවා.
ඒත් එක්කම මෙම වෛරසය තඹ මත පැය 4 ක කාලයකුත් කාඩ්බෝර්ඩ් මත පැය 24 ක කාලයකුත් සජීවිව පවතින බවත් ඒ පරික්ෂණයේදි තහවුරු විය.
මේකේ වැදගත්ම කාරණය තමයි අපි දිනපතා වැඩිපුරම භාවිත කරන ප්ලාස්ටික් මත මෙම වෛරසයේ පැවැත්ම දවස් 2 ත් 3 ත් අතර කාලයක් පැවතීම.
ඒ වගේම මල නොකන වානේ මත දවස් 2 ත් 3 ත් අතර කාලයක් වෛරසය පවතින බවත් අමෙරිකානු විද්‍යාඥයින් තහවුරු කරගෙන තිබේ.
මේ තහවුරු කර ගැනීමත් සමග අපිට පැහැදිලි වෙනවා මේ නව කොරෝනා වෛරසය මේ තරම් වේගයෙන් ලොවපුරා ව්‍යාප්ත විමේ හේතුව.



