බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට මුව ආවරණ පරිත්‍යාග කරයි

Share

ලංගම බස් රථවල සේවය කරන කොන්දොස්තරවරුන්ට හා රියදුරන්ට මුව ආවරණ 500 ක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පරිත්‍යාග කර තිබේ.

 

එමෙන්ම දුම්රිය සේවකයින්ට ලබා දීම සදහා මුව ආවරණ 450 ක් පරිත්‍යාග කර ඇත.

මේ අතර බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරුන්ට මුව ආවරණ හා විෂබීජ නාශක ලබා දීමේ වැඩ සටහනක් අද(20) දින කොළඹ බැස්ටින් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පළේ  දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එමෙන්ම නාවික හමුදාවේ සහයෝගයෙන් කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළ, කොටුව හා මරදාන දුම්රිය ස්ථාන හා ලංගම බස් නැවතුම්පොළ විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

Read more

Local News