ඉන්දියාවේ සිටි වන්දනාකරුවන් 97ක් යළි දිවයිනට

Share

දඹදිව වන්දනාවේ ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට රැදී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 97 දෙනෙකු අද(20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් මගින් පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

 

මෙම පිරිස අද උදෑසන 10.55 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් සියලු දෙනා නීරෝධායන කටයුතු සදහා යොමු කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ සිටි විදේශීය සංචාරකයන් විශාල වශයෙන් ආපසු ඔවුන්ගේ රටවල් කරා පිටත්ව යමින් සිටින බව ද ගුවන් ගුවන් කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.

මේ අතර අද සවස 6.00 සිට ශ්‍රී ලංකාව පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මකව පවතින අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් ගතවීම සදහා පැමිණෙන ගුවන් මගීන්ට තම ගුවන් ප්‍රවේශ පත්‍රය සහ ගුවන් ගමන් බලපත්‍රය , ආරක්ෂක නිලධාරීන්ට ඇදිරි නීති බලපත්‍රයක් සේ ඉදිරිපත් කිරීමට යොදා ගත හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර සිටියි.

Read more

Local News