ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 1000ක් දක්වා ඉහළට

Share

නව කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ සිදුවූ මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.

 

ගත වු පැය 24 තුළ මරණ 171ක් වාර්තා වීමත් සමඟ වෛරසය හේතුවෙන් එරට සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 1002ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගතවු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 1903ක පිරිසක් හදුනාගෙන ඇති බව ද සඳහන් වෙයි.

ඒ අනුව ස්පාඤ්ඤ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැඩිම රටවල් අතර තුන්වන ස්ථානයට පත්ව ඇති අතර මේ වන විට එරටින් හඳුනා ගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 20,000කට ආසන්නයි.

Read more

Local News