අද පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පනවා තිබේ.
පොලීසිය පවසන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ සියලුම ජනතාව තම නිවෙස්වල රැදී සිටිය යුතු බවයි.
පැතිර යන නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් එම ඇඳිරි නීතිය පනවන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ අතර උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමග සිදුකළ විමර්ශනයේ දී ඔහු නොසැලකිලිමත් ලෙස ක්‍රියාකර ඇති බවට හෙළි වූ බව අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.
ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ අතර නිරෝධායන රෙගුලාසීවලට පටහැනිව කටයුතු කළ දඹුල්ල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව ද අජිත් රෝහණ මහතා පැවසුවේය.
මේ අතර කටුනායක ගුවන්තොටපුල වෙත ගුවන්ගත වීම සදහා පැමිණෙන ගුවන් මගීන්ට තම ගුවන් ප්‍රවේශ පත්‍රය සහ ගුවන් ගමන් බලපත්‍රය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ඇදිරි නීති බලපත්‍රයක් ලෙස ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.



