සඳුදා දක්වා පැනවූ ඇඳිරි නීතිය යළි පනවන දිනය හෙට දන්වයි

Share

ලබන සඳුදා තෙක් පැනවූ ඇඳිරි නීතිය යළි පනවනු ලබන දිනය හෙට (22) ප්‍රකාශ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයේ එක් පියවරක් ලෙස ඊයේ (20) පස්වරු 6.00යේ සිට ලබන සඳුදා දින පෙරවරු 6.00දක්වා කාලය තුළ ඇඳිරි නීතිය පනවනු ලැබුවේ.

එම කාලය තුළ සියලුම පුද්ගලයින් සිය වාසස්ථානවල රැදී සිටිය යුතු අතර අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් අවසරහිමි වේ.

ඇදිරි නීතිය පැනවීමේ අරමුණ සාර්ථක කරගැනීම සදහා ශ්‍රී ලාංකික සියලුම ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ එම බලප්‍රදේශ හරහා ගමන් කරන අත්‍යවශ්‍ය සේවා හා මාධ්‍යසේවා සදහා පමණක් අවසර දෙනු ලබන අතර ඔවුන් අදාළ ආයතන මගින් නිකුත් කර ඇති නිල හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ යුතු බව පොලීසිය පවසයි.

එමෙන්ම කටුනායක ගුවන්තොටුපල වෙත ගමන් ගන්නා ගුවන් මගින් සදහා ගුවන් ටිකට්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි වේ.

ඊයේ පස්වරුවේ සිට ඇඳිරිනීතිය පැනවීමත් සමග දිවයිනේ සෑම නගරයක්ම පාහේ පාලු ස්වභාවයක් ගෙන තිබුණි.

මේ අතර ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ සෞඛ්‍ය අංශවල සේවයේ නිරතව සිටින කාර්යය මණ්ඩල සදහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයේ තවත් එක් පියවරක් ලෙස සියලු ආකාරයේ කණ්ඩායම් චාරිකා යළිදැනුම්දෙන තුරු තහනම් වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදේශිකයන් මෙන්මමෙරට වැසියන් ද පවතින අවදානම නොතකා විනෝද චාරිකාවල නිරතවීම හේතුවෙන් එම තහනම පනවා ඇතිබව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ හිඟයකින් තොරව රටපුරා බෙදාහැරිමට විධිවිධාන සලසා ඇතිඅතර ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් භාණ්ඩ බෙදාහරින ලෙස සතොස ඇතුළු වෙළෙඳ ආයතනවෙත උපදෙස් ලබා දී තිබේ.

Read more

Local News