ඉකුත් අප්‍රේල් 21 වැනිදා කතෝලික දේවස්ථාන 02කට හා කොළඹ තරු පන්තියේ හෝටල් 03කට ඇතුළු ස්ථාන 08කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කර අදට(21) මාස එකොළහක කාලයක් සම්පුර්ණ වෙයි.
මෙම අවාසනාවන්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 250 කට අධික පිරිසකට දිවි අහිමි වූ අතර පුද්ගලයින් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගතවු කාලය තුළ රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කෙරුණු අතර එහිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් බෝහෝ පිරිසක් ආරක්ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයේ පසුවෙයි.
කෙසේ වෙතත් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී මාස එකොලක් ගත වන අද දිනයේදී එම ප්‍රහාරයන් සිදු වූ දේවස්ථානවල සහ දිවයිනේ සෙසු දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආගමික වතාවත් සිදු කිරීමට අවස්ථාවක් හිමීව නොමැත.
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්විමේ අරමුණින් ඊයේ(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති අතර මාර්තු මස අවසන් වන තුරු ඉරිදා දේව මෙහෙයන් හා විශාල වශයෙන් පිරිස් රැස්කර සිදුකෙරෙන දේව මෙහෙයන් පැවත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් පසුගිය මාර්තු මස 14 වනදා ඉල්ලීමක් කළේය.
මෙරට ප්‍රසිද්ධ කතෝලික දේවස්ථානවල, විශාල වශයෙන් පිරිස් රැස්කර සිදුකෙරෙන දේව මෙහෙයන් නවතා රජය ගෙනයන නිරෝධායන වැඩපිළිවලට සහාය දෙන ලෙස තමන් කතෝලික ජනතාවගෙන් සහ පියතුමල්ලාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ අද(21) ප්‍රකාශ කළේය.
මේ අතර ජනාධිපතිවරුන් දෙදෙනෙකු විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයාබැලීමට ජනාධිපති කොමිෂන් සභා දෙකක් පත් කළ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයාබැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්ද පත් කෙරුණි.
එහෙත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ඇතැම් කොමිෂන් සභා සහ කමිටු ඇතැම්විට එම සිද්ධියේ සත්‍ය වසන් කිරීම සඳහා කටයුතු කරන්නට ඇතැයි තමා විශ්වාස කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
ඒ පසුගිය 18 පස්වරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයාබැලීමට පත්කර ඇති කොමිෂන් සභාව ජනතාවට විවෘත කර තොරතුරු දැනගැනීමට අවස්ථාව ලබාදෙන්නැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සියේය.
එහෙත් පාස්තු ප්‍රහාරය සම්න්ධයෙන් වගකිවයුත්නත් විසින් නොයෙක් කමිටු පත් කළ ද තවමත් ප්‍රහාරයට මුහුණ දුන් ජනතාවට සාධාරණයක් වී නොමැත.
කෙසේ වෙතත් නැවතත් මුළු ශ්‍රී ලංකාව අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
වෛරසය ආසානය වී අද වන විට පුද්ගලයින් 72 ක් වු පිරිසක් මේ වන විටත් තම ජීවිත රැක ගැනීමට සටන් වඳිමින් සිටියි.
මුළු මහත් ජාතියේම අනාගතය උදෙසා මෙම ව්‍යවසනකාරී තත්ත්වය තුළ සියලු දෙනා එකතු වී නිවැරදි උපදෙස් පිළිපදිමින් තම ජීවිතය මෙන්ම අනෙකාගේ ද ජීවිතය රැක ගැනීමට කැපවිය යුතු යැයි අප අවධාරණය කර සිටිමු.
මේ වන විට සියලු ආගමික කටයුතු නවතා දමා ඇති අතර, මුස්ලිම් පල්ලිවල යාඥා කටයුතු ද නැවත දැනුම් දෙන තුරු නවතා දැමීය.



