ඇඳිරි නීතිය කඩ කළ 1589ක් අත්අඩංගුවට

Share

ඉකුත් සිකුරාදා සවස 6ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1589 දෙනෙකු හා වාහන 362ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධවයි.

මීට අමතරව එක්රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තැබීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් හා වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළවද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News