මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට හදුනාගෙන ඇති බවයි.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මේ වන විට දිවයින පුරා රෝහල් 18ක ආසාදිත බවට සැක කටයුතු පුද්ගලයින් දෙසිය විසි දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
මේ අතර කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සදහා නිරෝධායන මධ්යඩස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්රියයාවලිය සදහා යොමුකර තිබේ.
ඉන් 31 දෙනෙකු විදේශිකයින් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විතය පැවසුවේය.
දඹදිව වන්දනාවේ ගොස් සිට පසුගිය දෙදින තුළ මෙරටට පැමිණි පුද්ගයන් 444 දෙනෙකු ද ඊට ඇතුළත්ය.
විදේශගතව සිට මේ මස පළමු වැනිදා සිට 15 වන දින දක්වා මෙරටට පැමිණි පුද්ගලයන් 15,000ක පමණ ගණනක් මේ වන විට ලියාපදිංචි වී තිබේ.
ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.



