හමුදාපතිගෙන් ඉල්ලිමක්

Share

මෙතෙක් පොලීසියට විස්තර ලබා දී නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොවූ තැනැත්තන් සිටීනම් වහාම පොලීසියේ ලියාපදිංචි වන ලෙස යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලිමක් කරයි.

 

මීට අමතරව සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් හදුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර තිබේ.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා වැලිකන්ද මූලික රෝහලට අමතරව මුල්ලේරියාව හා හෝමාගම රෝහල් සැකකටයුතු වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහාත්,මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා බවට සැක කෙරෙන ගර්භණී කාන්තාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනෙයි.

කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද ප්‍රතිකාර සඳහා යොදාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

Read more

Local News