මාර්තු මාසයයේ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින්

Share

2020 මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින් ගෙවීමට පියවර ගෙන තිබේ.

 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අදාළ දිමනාව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මෙහීදි සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බැවින් ග්‍රාම නිලධාරී හමුවීමට පෙර වෙලාවක් වෙන්කර ගැනීමට ද කටයුතු කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News