හෙට දින එනම් 2020-03-24 උදෑසන 6 සිට දහවල් 12 දක්වා ඇඳිරි නීතිය ඉවත් කල කාලය තුල සහ නැවත ඇඳිරි නීතිය පැනවීමෙන්පසු ඉදිරියේදී ඇඳිරි නීතිය ඉවත් කරනු ලබන කාලසීමාවන්හිදී පොදු ප්‍රවාහන සේවා පහසුකම් උපරිමයෙන් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු මහත්වරුන්, කොන්දොස්තර මහත්වරුන් සහ ඉංජිනේරු කාර්මික අංශයන්හි සියලුම සේවකයින් අනිවාර්යයෙන්ම සේවයට වාර්ථා කිරීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දන්වා සිටී.
එබැවින් හෙට උදෑසන අදාළ ඩිපෝවන් වෙත සේවයට වාර්තා කරන ලෙස එම සේවක මහතුන් වෙත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා දන්වා තිබේ.
හෙට දින ඇඳිරි නීතිය ඉවත්කරන ලද කාලසීමාවේදී ප්‍රදේශිය මට්ටමේ ධාවන කටයුතු සිදුකිරීමට නියමිත අතර අදාළ සෞඛ්‍ය සේවා අංශ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව දුරගමන් සේවාවන්ද ආරම්භ කිරීමට කටයුතු කරන බව මහජනතාව වෙත ඒ මහතා වැඩ් දුරටත් දන්වා තිබේ.



