ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල සවස 2ට යළි ඇඳිරි නීතිය පනවයි

Share

අද (24) පෙරවරු 6.00න් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව පස්වරු 2.00 දක්වා දිර්ඝ කර තිබේ.

 

රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව පැමිණෙන පාරිභෝගිකයින්ට උපරිම සහාය ලබාදෙන ලෙසට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් හිමියන්ගෙන් රජය ඉල්ලීමක් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read more

Local News