දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ.
කොළඔ , කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 සඳහා පනවා ඇති ඇඳිරි නීතිය ලබන 27වන සිකුරාදා පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර යළි දහවල් 12.00ට ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.
සෙසු දිස්ත්‍රික්ක සඳහා 26 වන බ්‍රහස්පතින්දා පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන අතර දහවල් 12ට යළි ඇදිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 2405 දෙනෙකු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පසුගිය 20 වන දින පස්වරු 6 සිට ඊයේ දහවල් 12 දක්වා කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුනේ ගැවසීම සම්බන්ධයෙන් වන අතර ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක් රැස්ව මත්පැන් පානය කිරිම , වාහනවලින් මාර්ගයේ ගමන් කිරිම , බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසීරීම , වෙළදාම් කිරිම ආදි සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලය තුළ දි යතුරු පැදි ත්‍රීරෝද රථ ඇතුලු වාහන 646ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන්.
ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන අවස්ථාවලදි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට පමණක් යොමු විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.