නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බිලියන 1.3ක ජනගහණයකින් යුතු ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට එරට රජය ඊයේ (24) පියවර ගත්තේය.
ලෝකය පුරා උද්ගතව ඇති තත්ත්වය සලකා ලෝකයේ දෙවැනියට වැඩිම ජනගහණයක් පවතින රාජ්‍යය වන ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය.
එය ඇඳිරිනීති තත්ත්වයක් ලෙසින් ප්‍රකාශයට පත්කෙරුණු අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මෙම නීතිය යටතේ බිලියන 1.3ක් වන සමස්ත ඉන්දීය ප්‍රජාවටම දැඩි බලපෑම් එල්ල කෙරෙනු ඇති.
දින 21ක් රටේම කටයුතු අඩපණ කිරීමට සමත් වූ මෙම තීරණය ප්‍රකාශ කරමින් ඉන්දීය අගමැතිවරයා සදහන් කළේ, ඉතාලියේ ඇතිවූ ආපදාව ඉන්දියාව තුළ ඇතිවීමට ඉඩලබානොදෙන බවයි.
මෙම කාලසීමාව මානව කලමණාකරණය කරගත යුතු බවත්, යම්හෙයකින් රජය සහ ජනතාව එසේ කිරීමට අපොහොසත් වුවහොත් රටේ ආර්ථිකය කඩාවැටීමේ අවදානමක් ඇති බවත්, අගමැතිවරයා පෙන්වාදුන්නේය.
මේ අතර අගමැතිවරයාගේ ප්‍රකාශයත් සමගින් නවදිල්ලි අගනුවර ඇතුළු නගර රැසක ජනතාව කඩිමුඩියේ භාණ්ඩ මිලට ගන්නා ආකාරය දක්නට ලැබුණි.
ඒ ඊයේ රාත්‍රී කාලයේදීයි.
කෙසේ වෙතත් ඉදිරි කාලසීමාවේදී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගන්නා ආකාරය පිළිබද කිසිදු වැඩපිළිවෙලක් මෙතෙක් හදුන්වාදී නොමැතිවීම විශේෂත්වයක්.
දෛනික ආදායම අමෙරිකානු ඩොලර් 3.10ට අඩු සියයට 60ක ජනගහණයක් වාසය කරන ඉන්දියාව, මෙම අවස්ථාව සදහා කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්න සමීපව සලකාබැලිය යුතු බවයි, විදෙස් වාර්තා පවසන්නේ.




