ජාතික මැතිවරණ කොමිසම පවසන්නේ පළාත් පාලන මැතිවරණයේ දිස්ත්‍රික්ක 08කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට භාර දෙන බවයි.
ඒ අනුව තවත් දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා හෙට භාර දීමට නියමිත බවත්, හෙට සිට තැපැල් ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇති රජයේ කාර්යාල වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ය.