ඇඳිරි නිතීය පනවා ඇති අවස්ථාවේ දි නිතීවිරෝධි ලෙස මත්පැන් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස තෙලවල ප්රදේශයේ නිවසක කාන්තාවක් නිතීවිරෝධි ලෙස මත්පැන් අලෙවිකරන බවට අගුලාන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කළේය.
අත්අඩංගුවට ගත් කාන්තාව සතුව තීබි නිතීවිරෝධි මත්පැන් ලීටර85ක් සහ මත්පැන් බොතල් 04ක් , බීර බොතල්15ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්රදේශයේ පදිංචි 71හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පැවසුවේය.
සැකකාරිය අද (26) අගුලාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතයි



