මේ වන විට කිසිදු නව කොරෝනා ආසාදිතයකු වාර්තා වෙලා නෑ

Share

අද දිනය තුළ කිසිදු නව කොරෝනා ආසාදිතයකු දිවයිනේ අලුතින් වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

 

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 106 කි.

ඒ අතර බණ්ඩාරගම අටළුගම ප්‍රෙද්ශයෙන් ආසාදිතයකු හඳුනාගැනීමෙන් පසු එම ගම්මානය සම්පුර්ණයෙන්ම බාහිර සබඳතා වලින් හුදකලා කර තැබීමට රජය අද  පියවර ගත්තේය.

මෙරටදී කොරෝනා ආසාදිත පළමු පුද්ගලයා ඉකුත් මාර්තු 11 වැනිදා වාර්තා වූ අතර අද පස්වරු 4.30 වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 106 දෙනකු හඳුනාගෙන තිබුණි.

සුවය ලැබූ චීන ජාතික කාන්තාවද ඇතුළුව ඉන් 07 දෙනකු පූර්ණ සුවය ලබා දැනටමත් රෝහල්වලින් පිටව ගොස් අවසන්ය.

කොරෝනා වැළඳුණු 99 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් 238 දෙනකු සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

Read more

Local News