කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිය දී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ රෝගීයා අද(28) පස්වරුවේ කොළඹ බෝවන රෝග විද්‍යායතනය වෙත රැගෙන එනු ලැබීය.
ඔහුට අයත් පුත්තලම කඩයම්කුලම ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඔහුගේ බිරිඳ දරුවන් ඇතුළු 7 දෙනෙකු නිරෝධායනය කිරීම අද ආරම්භ කෙරුණු අතර එම පුද්ගලයා සබඳතා පැවැත්වූ බවට තහවුරු වී ඇති තවත් නිවාස දෙකක පදිංචිකරුවන්ද එම නිවාසවලදී නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබීය.



