දිස්ත්‍රික්ක හතරක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය හෙට උදේ තාවකාලිකව ඉවතට

Share

බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(30) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ.

 

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ අදාළ දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වෙයි.

එම දිස්ත්‍රික්ක කොරෝනා වෛරස අධි අවදානම් ලෙස හඳුනා ගෙන තිබීම හේතුවෙන් ඇඳිරි නීතිය ලිහිල් නොකිරීමට රජය තීරණය කර ඇත.

මේ අතර, 2020.03.20 වන දින ඇඳිරි නීතිය පැන වු මොහොතේ සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු පුද්ගලයින් ගණන 6041 දක්වා ඉහළ ගොස් තිබේ.

වාහන 1477 ක් ද එම කාලය තුළ අත්අඩංගුවට පත්ව ඇත.

Read more

Local News