මහනුවර, අකුරණ ප්‍රදේශය හා පුත්තලමේ කඩයම්කුලම් ගම්මාන මුද්‍රා තබන්න නියෝග

Share

කොවිඩ් 19 වෛරසය පැතිර යෑම හේතුවෙන් අද(29) උදෑසන වන විට ගම් දෙකක් මුද්‍රා තබා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

ඒ අනුව මහනුවර, අකුරණ ප්‍රදේශය හා පුත්තලමේ කඩයම්කුලම් ගම්මානය මෙලෙස මුද්‍රා තබා තිබේ.

වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ ක්‍රියාවලියක් ලෙස මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම අවසන්වරට පසුගිය 26 වනදා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතර සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම අටළුගම පදිංචිකරුවකු වන අතර මේ හේතුවෙන් අටළුගම ගම්මානය සම්පුර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා කර තැබීමට රජය පියවර ගත්තේය.

ඒ අනුව එම ප්‍රදේශය මේ වන විට පවතින්නේ සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේයි.

හඳුනා ගත් ආසාදිත පුද්ගලයාගේ පියා සහ සහෝදරිය ඔවුන්ගේ අටළුගම ප්‍රදේශයේ නිවස තුළ දින 14ක ස්වයං නිරෝධයට ලක් කළේය.

Read more

Local News