කොරෝනා වැලදී මියගිය පලමු රෝගියා ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු උදෑසන 11: 10 ට පමන කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී සිදු වුනා. ඒ දැඩි සීමාවන් හා ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.
ඒ අනුව අදාල මෘත දේහය ඥාතීන් දෙදෙනෙකුට මුහුණ පමණක් බැලීමට අවස්ථාව ලබා දෙන අතර විශේෂ බෑගයකට ඇතුලු කරනු ලබන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත සදහන් කළා
තවද මෘත දේහය පිලිස්සීමක් සිදු කළ යුතු අතර නොඑසේනම් අඩ් අටක් පමණ වළක ම්හිදන් කළ යුතු බවත් මේ සියලු කටයුතු රජයේ විශේෂඥ වෙෙද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ සිදුවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත සදහන් කළා
තවද ඒ මහතා වැඩ්දුරටත් පැවසූවේ කොරෝනා රෝගයේදි වයස බෙහෙවින් බලපාන බවයි
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වුණා.
කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙනවා.
ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගෙන් ද පෙළුණු බවට වාර්තා වෙයි.



