මේ වන විට මෙරට කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවෙයි

Share

ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වන විට ආසාදිතයන් 115 දෙනකු මෙරට තුළදී හඳුනාගෙන තිබේ.

 

අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 103 කි.

ඊයේ වන විට සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ 199 දෙනකු රෝහල්ගතව සිටි නමුත් ඉන් අසූ දෙදෙනකු අද දින පිටව ගියේය.

ඒ අනුව තවදුරටත් කොරෝනා ආසාදනය වී ඇත්දැයි සැකමත රෝහල්ගතව සිටින පුද්ගලයන් ගණන 117 කි.

කෙසේවෙතත් අද දින අලුතින් කොරෝනා ආසාදිතයකු හඳුනාගෙන නොමැත.

Read more

Local News